ශරීරයේ මස්පිඩු විශ්මිත ලෙස වර්ධනය කරන සුපිරි ආහාර මෙන්න.

කාය වර්ධන ව්‍යායාම වල නිරත වන ඔබ විශේෂයෙන්ම ආහාරයට එකතු කරගත යුතු ආහාර වර්ග කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

01.බිත්තර

බිත්තර යනු ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා ශරීර වර්ධනයට බෙහෙවින් උපකාරී වෙනවා.ඉක්මනින් හා පහසුවෙන් සකසා ගැනීමට හැකිවීමද බිත්තර වල ඇති විශේෂත්වයකි.

02.විවිධ nuts වර්ග

ශරීර වර්ධනයට අවශ්‍ය කාබෝහයිට්‍රෙට් හා ප්‍රෝටීන් බහුල ආහාර ලෙස වියලි පලතුරු වර්ග හා nuts වර්ගද හදුන්වා දෙන්න පුළුවන්.ව්‍යායාම වල යෙදීමෙන් අනතුරුව වියලි මිදී හා අමන්ඩ් ඇට අහුරක් ආහාරයට ගැනීමෙන් මාංශ පේශිවල හානි වූ නයිට්‍රජන් නැවතත් ක්ෂනිකවම ලබාගත හැකියි.

03.කෙසෙල්

කෙසෙල් වල හානි වූ මාංශ පේශි අලුත්වැඩියා කරන පොටෑසියම් හා මැoගනිස් බහුලවම අඩංගු වෙනවා.

04. බතල

බතල වර ශරීර වර්ධනය කරන විටමින් හා පෝෂක ද්‍රව්‍ය රැසක් අඩංගු වෙනවා.විටමින් D6,C,E, පොටෑසියම් ,මැන්ගනිස් ඒ අතරින් කිහිපයකි.

05. අලිගැට පේර

අලිගැට පේර යනු පොටෑසියම් වලින් අතිශයින්ම බහුල ආහාරයක් නිසා ව්‍යායාම කිරීමේදී සිදුවන මස්පිඩු පෙරලීම් වලක්වාගැනීමට හැකි වෙනවා.

කායවර්ධනය පිලිබඳ උනන්දු වන ඔබට තවත් මෙවැනි වටිනා දේ දැනගැනීමට lanaka gym සමග නිරතුරුවම රැදී සිටින්න. ඔබේ අදහස් අපිට කියන්න.ඒ වගේම යාළුවන්ට දැනගන්න shear කරන්නත් අමතක කරන්න එපා.