මොනාද මේ වේ ප්‍රොටින්?? මොනවද මේවගේ තියන කාණ්ඩ??

කොහොමද කස්ටිය…. ගොඩක් අය අපෙන් අහල තිබ්බ දෙයක් තමයි මොකද්ද මෙ වේ ප්‍රොටින් කියන්නෙ…එක එක ජාතියෙන් තියෙන එවගෙ විශේෂත්වය මොකද්ද….අපි NITRO TECH,ISO SENSATION වගෙ සප්ලිමන්ට් ගැන පොස්ට් දැම්මට ප්‍රොටින් කියන්නෙ මොකද්ද කියල හදුන්වල දුන්නෙ නැහැ…එක නිස ඔන්න අද කතා කරන්න හිතුව වේ ප්‍රොටින් ගැන…

එහෙනම් කස්ටිය ලස්ස්නට කියල දෙන්න යන්නෙ වේ ප්‍රොටින් ගැන….
අර කිරිපිටි ඇඩ් වල කියනව වගෙ ඈත සීතල ඇමරිකාවෙ ගවපට්ටිවල යසට හැදෙන කිරි දෙනුන් ගෙන් දෝවා ගන්න එල කිරි වලින් තමයි අපි ඔය පවිච්චි කරන වේ ප්‍රොටින් හදන්නෙ..සාමාන්‍යෙන් කිරි වල ප්‍රොටින් ,මේදය සහ කාබෝහයිඩ්‍රේට් (ලැක්ටෝස්) වර්ග අන්තර්ගත වෙනව. කිරිවල අන්තර්ගත ප්‍රෝටින් වලට තමයි අපි වේ ප්‍රොටින් කියල කියන්නෙ…කොහොමහරි මෙ දොවාගත්ත කිරි විවිද ක්‍රියාවලට යොදාගන්නව…යෝගට් ,බටර් චීස් හදන්න වගෙ දෙවල් වලට….මෙ දෙවල් වලට යොදාගෙන ඉතිරිවන දියරය විසිර වියලීම කරල තමයි වේ ප්‍රොටින් හදන්නෙ…ඔන්න හදන විදිය ගැන පැහැදිලි කිරිමක් සුලුවෙන් කලා..

සමාන්‍යෙන් අද වෙලදපොලේ වේ ප්‍රොටින් සප්ලිමන්ට් හිසෙ කෙස්ගානට තියනව…මුලිකව බැලුවොත් ඔය ඔක්කොගෙම තියෙන්නෙ වේ ප්‍රොටින් වර්ග තුනයි..
– WHEY CONCENTRATED
– WHEY ISOLATED
– WHEY HYDROLYSATE

ඔන්න ඔය තුන තමයි සහොදර වරුනි ප්‍රධාන කාන්ඩ තුන..අපි එහෙන්ම් පොඩ්ඩක් බලමුද මෙවගෙ තියන විශේෂත්වය මොනාද කියල

WHEY CONCENTRATED (වේ ප්‍රොටින් කන්සන්ට්‍රේටඩ්)
මෙක සින්හල නමක් කියනව නම් සාන්ද්‍රනය කරන ලද වේ ප්‍රොටින් කියල හදුන්වන්න පුලුවන්…මෙකෙ ප්‍රෝටීන් ප්‍රතිශතය 40%-80%ත් අතර තමා තියෙන්නෙ…මෙවගෙ ගාන සපේක්ශව ටිකක් අඩුයි මොකද මේක තමයි
මුලිකම වේ ප්‍රොටින් වර්ගය…රසත් හොදයි ගුනත් හොදයි ගානත් ශේප්…උදාහරන විදියට කියනවනම් GOLD STANDARD WHEY,COMBAT WHEY, වගේ එවා කියන්න පුලුවන්…

WHEY ISOLATED (වේ ප්‍රොටින් අයිසොලෙටඩ්)
ඔකේ කස්ටිය දැන් තමයි හොදම හරිය මෙවා ටිකක් සංකිර්ණයි…එ කියන්නෙ අර කලින් කියපු “කන්සන්ට්‍රේටඩ් වේ ප්‍රොටින් ” තව දුරටත් පිරිපහදු කරල තව දුරටත් ලැක්ටෝස් සහ මේදය අයින් කරල වේ ප්‍රොටින් තවදුරටත් සරල කරල තමයි මේක හදන්නෙ…සමාන්‍යෙන් සිරුරට උරාගැනීම වේ ප්‍රොටින් කන්සන්ට්‍රේටඩ් වලට වඩා හුගක් ඉක්මනට වෙනව…තව මේකෙ ප්‍රොටින් ප්‍රතිශතය 90%ක් වගේ වෙනව….සමානයෙන් එක හැන්දකට අල්ලන වේ ප්‍රොටින් ප්‍රමානය අදිකයි…මිල නම් කලින් එකට සාපෙක්ශව වැඩියි.. උදාහරනය විදියට කියනවනම් NITRO TECH,ISO SENSATION වගේ එව දක්වන්න පුලුවන්…

WHEY HYDROLYSATE (වේ ප්‍රොටින් හයිඩ්‍රොලයිස්)
ඔන්න ලමයි මෙයාල තමයි වේ ප්‍රොටින් වල රජාල වගෙ ඉන්නෙ…මිල බැලුවොත් වේ ප්‍රොටින් අයිසොලෙටඩ් වලට වඩා ටිකක් ගාන වැඩි….එවගේම මේවගෙ ප්‍රෝටීන් ප්‍රමානය ප්‍රතිශතයක් ලෙස 90%වඩා වැඩී..මෙක හදන්නෙ වේ ප්‍රොටින් අයිසොලෙටඩ් තව දුරටත් එන්සයිම මගින් සරල කරල…එකියන්නෙ මචාල…මෙක තියන ප්‍ර්‍රෝටින් සිරුරට උරාගන්න වැය වෙන්නෙ විනාඩි ගානක් වගේ..එතරම් ජීර්නය කරන්න ලේසියි…එවගේමයි…ප්‍රොටින් වල සංයුතියත් ටිකක් වෙනස්…එන්සයිම මගින් ප්‍රොටින් ජිර්නයට ඉතාම පහසු කරල තියෙන්නෙ..මිල නම් ටිකක් වැඩී…ON HYDRO WHEY වගේ එවා උදාහරනය විදියට දකවන්න පුලුවන්…

ඔන්න එහෙනම් හැකි තරම් සරල බසින් වේ ප්‍රෝටින් ගැන කියල දුන්න…දැන් ඉතින් හොදට කියවල කස්ටිය තව යාලුවෙක්ට දැනගන්න ශෙයර් පාරක් දාගෙන යන්නෙ…අනික මේ කියවල නිකන් ඉන්න එපා ප්‍රොටින් එකක් ගන්න කලින් ඔයාම තීර්නය කරන්න මට හුගක්ම ගැලපෙන්නෙ මොකද්ද කියන එක…එහෙන්ම් ඔයාල හැමෝටම සුබ දවසක් කියන ගමන් අපි ගියා…