නමුත් ඇත්තටම බිත්තර කොච්චර වැදගත් ද කියන එක අද ලංකා ජිම් වෙතින් කියාදෙන්නට අපි සූදානම්.

මීට වසර කිහිපයකට පෙර බොහෝ සෞඛ්‍යය සංවිධාන වලින් පෙන්වා දුන් කරුණක් තමා බිත්තර, වැඩි වශයෙන් ආහාරයට නුසුදුසු බව. නමුත් නවතම පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ බිත්තර වල අඩංගු පෝෂක අනිවාර්‍යයෙන්ම ඔබේ ආහාර වේලට අන්තර්ගත විය යුතු බවයි. එමෙන්ම කාය වර්ධන ව්‍යායාම වල යෙදෙන අපේ තරුණ තරුණියන් අතර තියෙන තවත් මතයක් තමයි බිත්තර වැඩිපුර ගැනීම නුසුදුසුයි කියන එක.   නමුත් ඇත්තටම බිත්තර කොච්චර වැදගත් ද කියන එක අද ලංකා ජිම් වෙතින් කියාදෙන්නට අපි සූදානම්.
බිත්තර යනු මස් පිඩු වර්ධනය සදහා සහ තුවාල වූ මස් පිඩු නැවත ගොඩ නැංවීම සදහා අවශ්‍ය  වන ප්‍රෝටීන් වලින් සපිරි ආහාරයක් බව බොහෝ දෙනා දන්නා කරුණක්. එහෙත් බොහෝ දෙනා එහි අවධානය යොමු කරන්නේ පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය ගැනයි. නමුත් මෙහිදී ඔබේ අක්මාව විශාල කාර්‍යභාරයක් ඉටු කරනවා. එනම් ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතාම ක්‍රමවත්ව යාමනය කිරීමක් අක්මාව මගින් සිදු කරනවා. එම නිසා විටමින් සහ කනිජ වලින් ද සපිරි  බිත්තර 2 ක් හෝ 3 ක් දිනකට ආහාරයට ගැනීම  සදහා තව දුරටත් දෙවරක් සිතිය යුතු නැහැ.
එමෙන්ම බිත්තර වැඩි වශයෙන් ආහාරයට ගැනීම පියයුරු පිළිකා අවධානම 24% කින් අඩු කිරීමට ද අස්ථි සහ සන්ධි වල නිවැරදි සෞඛ්‍යය පවත්වා ගැනීමට ද ඉතා වැදගත්. නමුත් දිනකට බිත්තර ඉතා විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම නම් නුසුදුසුයි.
තවත් මෙවැනිම ලිපි දැනගැනීමට අපිව Subcribe කරන්න. සුබ දවසක්..!!