ඔබත් ඇඟ හදාගන්න planking කරනවද? මෙන්න හරි විදියට planking කරන හැටි

planking කියන්නේ කායවර්ධන ව්‍යායාමවල යෙදෙන පුද්ගලයන් අතර ඉතාමත් කෙටි කලකින් විශාල ජනප්‍රියත්වයට පත්වූ විශ්මිත ලෙස ප්‍රතිපල ලබාදෙන අපුරු ව්‍යායාමයක්. එහෙත් බොහොමයක් දෙනෙක් මේ planking ගැන තියෙන්නේ වැරදි මතයක්..අද අපි කතා කරන්නේ හරියටම planking කරන්නේ කොහොමද කියලයි. planking කියන්නේ ඔබේ උදරය ඒ වගේම ශරීරයේ විවිධ වූ මාංශ පේශි රැසකම අනවශ්‍ය මේදය ඉතා හොදින් දහනය කරන විශ්මිත ව්‍යායාම ක්‍රමයක්. මෙම ව්‍යායාමය මගින් ඔබේ උදරයේ පමණක් නොව ඔබේ උරහිස්,දෑත්,හා කකුල් වල මාංශ පේශි වලද කැලරි දහනය කරනු ලබනවා එසේම මෙමඟින් ඔබේ මානසික එකාග්‍රීකතාවද ක්‍රමයෙන් වැඩි ඔබ ශාරීරිකව මෙන්ම මානසික වශයෙන්ද ශක්තිමත් පුද්ගලයෙකු බවට පත්කරනු ලබනවා. ඔබට regular planks, side planks, reverse planks, rowing planks, …ආදී විවිධ ඉරියව් වලින් ඔබට planking කරන්න පුළුවන්. planking සිදු කිරීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපිලිවෙල පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු.ඇත්තෙන්ම එයනම් නොසලකා හැරියහැකි තරම්ම සරලයි. වඩාත් වැදගත් වන්නේ මෙන් අපිට ලැබෙන ප්‍රතිලභයි.මෙම ව්‍යායාමය දිනකට තත්පර 60ත්-90ත් අතර කාලයක් සිදු කිරීම ප්‍රමාණවත්.ඊට වඩා වැඩි කාලයක් සිදුකලා කියලා ඔබට වැඩි ප්‍රතිලාභයක් හිමිවන්නේ නැහැ. කායවර්ධනය ගැන තවත් තොරතුරු රැසක් දැනගැනීමට නිරතුරුවම අප සමඟම රැදෙන්න.ඔබේ අදහස් අපට කියන්න.comment කරන්න. ඔයාලගේ යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.